ගුහිනොත් වංශය (ගුහිල, ලහිල පුත්‍ර)

සිංහල විශ්වකෝෂය වෙතින්
15:08, 9 නොවැම්බර් 2016 වන විට චමිල ලියනගේ (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ගුප්ත අධිරාජ්‍යයේ පරිහානියෙන් පසු රාජ්‍යය පිළිබඳ වියවුලින් ගහන සමයක උතුරු ඉන්දියාවේ රජ කළ රාජ වංශ අතුරෙන් ගුහිනොත් වංශය ද එකකි. බ්‍රාහ්මණ වංශ ප්‍රභවයක් ඇතැයි සැලකෙන මෙම රජ පරපුරේ සම්භවය පිළිබඳ විවිධ මත පවතී. රාජ්පුත්වරුන් අතර විශිෂ්ට තැනක් හිමි මෙම රාජ පරම්පරාවේ වංශාවලිය පිළිබඳ විස්තර ක්‍රි.ව.977ට අයත් වන අත්පුර් සෙල්ලිපියේ (Atpur Inscription) සඳහන් වී ඇත. එහි මෙම වංශාවලියට අයත් ගුහදත්ත නම් රජුගේ සිට ශක්තිකුමාර නම් රජු දක්වා වූ රජවරුන් විසිදෙනෙකුගේ නම් රජු දක්වා වූ රජවරුන් විසිදෙනෙකුගේ නම් සඳහන් කොට ඇත්තේ ය.

ක්‍රි.ව.6 වන සියවසේ මැද භාගයේ දී මේ වංශයට අයත් ගුහදත්ත නම් ප්‍රධානියා උදයපූර් රාජ්‍යෙය් බටහිර ප්‍රාන්ත රාජ්‍යයක් බිහි කර ගැනීමෙන් මෙම වංශයේ ආරම්භය සිදු වී යයි සැලකේ. මෙම වංශයේ ශ්‍රේෂ්ඨතමයා වශයෙන් සලකනු ලබන්නේ බප්පා රාවල් රජ (බුමාණ) ය.

බප්පා නමැති ගුහිලොත් වංශික රජ 725-738 අතර කාලයේ දී මුස්ලිම් ආක්‍රමණවලට දක්ෂ ලෙස මුහුණ දී විතෝර් බලකොටුවෙහි ස්වාමියා වීමේ හේතුවෙන් මෙම වැදගත්කම ආරෝපණය වන්නට ඇත. උදයපූර්හි ගුහිලොත්වරුන්ගේ ප්‍රධාන රාජ වංශයට අමතර ව ශාඛා වංශ කිහිපයක් ප්‍රාන්ත රාජ්‍යවල පාලන කටයුතු කළ බව ද පෙනේ.

-ජී.එච්.ආරියසේන-