ජිනමිත‍්‍ර මහතෙර

සිංහල විශ්වකෝෂය වෙතින්
00:34, 1 සැප්තැම්බර් 2017 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ජිනමිත‍්‍ර මහතෙර - ක‍්‍රි.ව. 500 පමණේ දී පන්ජාබ් දේශයෙහි අගනුවරට නුදුරු මහා විහාරයෙක විසූ මහතෙර කෙනෙකි. ‘යෝගාචාර භූමි ශාස්ත‍්‍ර කාරිකා’ නම් ග‍්‍රන්ථය මෙතුමාගේ කෘතියෙකි. මෙතුමා නාලන්දා මහා විද්‍යාලයෙහි ආචාර්ය කෙනෙක් වූහයි හියුං සියෑං මහතෙරුන් විසින් පවසන ලද්දේ ය. ජිනමිත‍්‍ර මහතෙරුන් ‘සර්වාස්තිවාදී විනය සංග‍්‍රහ’ නම් ග‍්‍රන්ථය කළ බවත් ජිනපුත‍්‍ර නමැති තෙර කෙනකුන් විසින් ‘යෝගාචාරභූමි ශාස්ත‍්‍ර කාරිකාව’ කළ බවත් ‘නන්ජියෝගේ’ චීන ග‍්‍රන්ථ නාමාවලියෙහි සඳහන් වේ.


ඞී. ආර්. සෙනෙවිරත්න

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ජිනමිත‍්‍ර_මහතෙර&oldid=900" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි