ජින්සෙං (Ginseng)

සිංහල විශ්වකෝෂය වෙතින්
00:40, 1 සැප්තැම්බර් 2017 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ජින්සෙං (Ginseng). දැනට ලෝකයේ ඇති අත්‍යන්තයෙන් ඖෂධීය ශාකයකි. ප‍්‍රධාන වශයෙන් චීනයෙහි ද කොරියාව, තායිලන්තය, මැලේසියාව ආදි රටවල ද විශේෂ ප‍්‍රසිද්ධියක් දරන මෙම ශාකය මෑතක සිට ලංකාවට ද හඳුන්වා දී ඇත.

 (ශාකයේ පින්තූරයක්/ චිත‍්‍රයක්)
 

schinseng) වගාව පිළිබඳ ප‍්‍රමුඛත්වයක් දරන්නේ කොරියාව ය. එබැවින් බොහෝ විට මෙම ඖෂධය ‘කොරියන් ජින්සෙං’ යන නමින් ද හැඳින්වේ. දෙවන විශේෂය ප.ක්වින්ක්වෙපෝලියුස් (P. quingue folius) ය. මෙය 1870 සිට උතුරු ඇමෙරිකාවෙහි වගා කරනු ලබන ශාකයකි. මෙම ගස්වල මුල් වේලා චීනය හා සෙසු අග්නිදිග ආසියාතික රටවලට සපයනු ලැබේ.

ලංකාවට මෙය හඳුන්වා දුන් ඞී. ඒ. සී. සුනන්දරාජ, නිවර්තන දේශගුණයක් ඇති මෙරට එය සාර්ථක ලෙස වගා කර ඇත. ගෙවතුවල ද වගා කළ හැකි මෙම ශාකය අවුරුදු 5-8 කාලයක දී පරිණත වේ. හොඳින් වැඩුණු ගසක මුල මිනිස් රුවට සමාන ය.

ජින්සෙං වගා කිරීමෙහි ලා තරමක සෙවණක් ඇති තෙත පස් සහිත ස්ථානයක් තෝරා ගත යුතු ය. එහි අඩියක් පමණ ගැඹුරැති කානු කපා, සිනිඳු පස්, වියළි ගොම හා කොම්පෝස්ට් මිශ‍්‍රණයකින්, අඩි 6ක් පමණ උසට තිබෙන සේ සකස් කරගත යුතු ය. කානු අතර පරතරය අඩි 3ක් පමණ විය යුතු ය. තවානක වපුරා පැලකරගත් මාසයක් පමණ වයසැති කුඩා ජින්සෙං බීජ පැල එම කානුවල අඩි 2ක් පමණ ඈතින් සිටුවිය යුතු වේ. පැළය සිටුවීමත් සමග පස තෙත් කළ යුතු ය. දින 10කින් පමණ, පැළෑටියක් පාසා යූරියා රසායනික පොහොර තේ හැන්දක් ද මාසයකට පසු මිශ‍්‍ර පොහොර මේස හැන්දක් ද දැමිය යුතුය. ඉන්පසු තෙමසකින් පමණ නැවත පොහොර දැමීම සෑහේ.

ජින්සෙං ගසේ ඖෂධීය වටිනාකම දරන්නේ එහි මුල් සහ මල් ය. එමගින් වයින් නිස්සාරණය ද පැණි වර්ග හා උත්තේජක පාන වර්ග ලබා ගැනීම ද සිදු කෙරෙන අතර ඉන් වැඩි වටිනාකමක් ඇත්තේ මුල්වලින් ලැබෙන නිෂ්පාදනවලට ය. පාරම්පරික වෛද්‍ය මත අනුව, ජින්සෙං ඖෂධය ආයුවර්ධනය කරන අතර නිරෝගීභාවය ද ලබාදෙන බව කියනු ලැබේ. තව ද ඇස් පෙනීම දියුණු කරන මෙය රුධිර සංසරණය ක‍්‍රමවත් කරන අතර ස්නායු පද්ධතිය උත්තේජනය කරයි. එහෙත් මෙය වැඩියෙන් ම ප‍්‍රසිද්ධ වී ඇත්තේ වාජීකරණ ඖෂධයක් වශයෙනි.


මංගලා වීරසිංහ

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ජින්සෙං_(Ginseng)&oldid=910" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි