දේවශර්මන්-3

සිංහල විශ්වකෝෂය වෙතින්
14:36, 7 මාර්තු 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

පඤචතන්ත්‍රයේ පස්වන තන්ත්‍රයේ මුඛ්‍යකථාව හා කථාසරිත්සාගරයේ X;8; 3-12 හි සඳහන් කථාව සමාන ස්වරූපයක් දරයි. අසමීකෂ්‍යකාරිත්‍වයෙහි දොස් දැක්වීමට උචිත මෙම කථාව ලෝකයේ උපදේශ කථා අතර විවිධ ස්වරූපයන්ගෙන් දක්නට ලැබේ. කථාසරිත්සාගරයේ එන කථාව මෙසේ ය: එක් නගරයක දේවශර්මන් නම් බ්‍රාහ්මණයෙක් සිය ගෘහිණිය වන දේවදත්තා ද සමඟ සමඟියෙන් කල් ගෙවී ය. කල්යාමෙන් ඔවුනට දරුවෙක් ලැබිණ. දිනක් බැමිණිය ස්නානය සඳහා ඉවතට ගොස් සිටිය දී බමුණා සිය කිරිකැටි දරුවා පරක් කරමින් සිටියේ ය. මේ අතර බමුණාට රජවාසලෙන් ආරාධනාවක් ලැබුණේ ය. දක්ෂිණා ලෝභයෙන් මැඩුණු හේ දරුවා තමන් සුරතලයට ඇති කළ මුගටියා භාරයේ තබා රජවාසලට ගියේ ය. ඒ අතර සර්පයෙක් නිවසට ඇතුළු ව දරුවා සිටි දෙසට ආයේ ය. මුගටියා වහා පැන සර්පයා විනාශ කළේ ය. බමුණා රජවාසල සිට ආපසු එන විට තමා කළ දක්ෂකම ගැන ආඩම්බරයෙන් හා බමුණා කෙරෙහි ආදරයෙන් මුගටියා බමුණා එන පෙරමඟට දිව්වේ ය. උගේ ශරීරයෙහි තැවරී තිබුණු සර්ප රුධිරය දුටු අසමීක්‍ෂ්‍යකාරී බමුණා ඌ දරුවා නසන්නට ඇතැයි සිතා කිපී මුගටියා නසා දැම්මේ ය. නිවසට විත් බැලූවිට නිරුපද්‍රිතව සිටි දරුවා හා මිය ගිය සර්පයා දුටු හේ පශ්චාත්තාපයට පත් වූයේ ය.

මූලාශ්‍රය

පඤචතන්ත්‍ර 5 තන්ත්‍රය, ප්‍රධාන කථාව

කථාසරිත්සාගරය X;8; 3-12

(කර්තෘ: අඥාතයි)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දේවශර්මන්-3&oldid=5045" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි