අංගම්මන අදිකාරම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ගම්පොළ අසල මහවැලි ගංතෙරට නුදුරින් පිහිටි අංගම්මන නම් ගම වාසභූමි කොට ගත් වැදගත් පෙළපතක තරුණයෙක් දෙවෙනි රාජසිංහ රජු ඉදියෙහි දස්කම් දක්වා දිසාපති පදවියකට පත්ව, මහවාසලින් සම්මාන හා ගම්වර ද ලැබුවේ ය. ඔහුගේ පෙළපතින් පැවත ආවෙක් සෙංකඩගල නුවර කීර්ති ශ්‍රී රාජසිංහ රජු අවදියේ දී මහ අදිකාරම් ධුරයට ද සපරගමුවේ දිසාපති පදවියට ද පත්කරනු ලැබී ය. අංගම්මන අදිකාරම් නමින් ප්‍රසිද්ධ වූයේ හෙතෙමේ ය.

අංගම්මන අදිකාරම්තුමා විසි වසක් එම ධුරය දරමින් බටුගෙදර නැවතී සිට සපරගමු දිසාව භාරව රාජ සේවය ක‍ළේ ය. එම කාලයේ දී ඔහු බටුගෙදර අංගම්මන විහාරය (බ.) නම් වූ අලංකාර ‍ගල්ලෙන් විහාරයක් කැරැවී ය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අංගම්මන_අදිකාරම්&oldid=3990" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි