අංගෙම්බා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
13.jpg
ෆ්‍රිනොසෝමා විශේෂයක් වූ අංගෙම්බා වනාහි මැක්සිකෝවේ ද බටහිර එක්සත් ජනපදයේ ද කාන්තාර පෙදෙස්වල වෙසෙන ඉගුආනිඩෙ (Iguanidae) කුලයට අයත් උරගයෙකි (reptile). පිටෙහි කුඩා අං වැනි කටු ඇති හෙයින් මූට අංගෙම්බා යන නම භාවිත කරනු ලැබේ. කෙටි පළල් ශරීරයක් හා කෙටි වලගක් ද ඇති මේ උරගයා අඟල් පහක් හෝ හයක් පමණ දිග ය. හිසට සමීප ව පිහිටි කටු විශේෂයෙන් මහත් ය. ‍ෆ්‍රිනොසෝමා කෝනූටුම් (Phrynosoma cornutum) විශේෂයට අයත් අංගෙම්බෙකුට ඕනෑ නම් අඟල් 15ක් පමණ ඈතට ඇස්වලින් සිහින් රුධිර ධාරා විදීමේ ශක්තියක් ඇත. ඇසිපියවල ශිරා පිපිරෙන පරිදි පේශීන් වහා සංකෝචනය කිරීමෙන් මෙය සිදු වේ.

කාන්තාරවල ජීවත් වන හෙයින් අංගෙම්බාට ආහාර හෝ ජලය හෝ නැතිව දීර්ඝ කාලයක් ජීවත්විය හැකි ය. ඌ ඉතා අහිංසක සතෙකි.

(සංස්කරණය: 1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අංගෙම්බා&oldid=3995" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි