අංගොඩ
සිංහල විශ්වකෝෂය වෙතින්
කොළඹට සැතපුම් 5 ½ ක් නැගෙනහිරින් පිහිටි කුඩා නගරයකි. එය අඹතලෙන් - පහළ ගම්කාර්‍ය්‍ය සභාවට අයත් වේ. දිවයිනේ ප්‍රධාන මානසික ආරෝග්‍යශාලාව පිහිටීම නිසා ප්‍රසිද්ධ ව ඇති අංගොඩ බෝවෙන රෝගීන්ගේ ආරෝග්‍යශාලාවක් ද තිබේ. කැලණි ගඟට ආසන්නව පිහිටා ඇති මෙම ප්‍රදේශයෙහි උළු සහ ගඩොල් කැපීමට යෝග්‍ය මැටි ඇති නිසා එම කර්මාන්තය දියුණු ය. කැලණි ගඟ උතුරා යන විට අංගොඩ ඇතැම් පෙදෙස් ගංවතුරට යට වේ. එසේ ගංවතුරට යටවී යන ඕවිටි හා කුඹුරු සාරවත් හෙයින් එළවළු වැවීමත් වී ගොවිතැනත් මෙහි සශ්‍රීක ව කෙරේ.
(සංස්කරණය: 1963)