අඃ

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

විසර්ගය වර්ණමාලායෙහි සටහන් කරන අයුරුය මේ. ශුද්ධ සිංහලයෙහි ද පාලි භාෂායෙහි ද නොලැබෙන විසර්ගය සංස්කෘතයෙහි ද මිශ්‍ර සිංහල හෝඩියෙහි ද ඇත. එය බොහෝ සෙයින් සංස්කෘතයෙහි පදාන්තයට පැමිණි සකාර රේඵයන්ගේ ආදේශ රූපයක් මෙන් සිටී. කණ්ඨය උත්පත්තිස්ථාන කොට ඇති මේ විසර්ගය ද අනුස්වාරය මෙන් ම පූර්වාශ්‍රය ව්‍යඤ්ජනයෙකි. අනුස්වාරය සෙයින් ම විසර්ගය ද පැරණි සිංහල හෝඩියෙහි ස්වර සංඛ්‍යාවෙහි ලා ගණින ලද්දේය (අං-1 බ.).

(සංස්කරණය: 1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අඃ&oldid=4014" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි