අක්කරපට්ටා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(අන්තෙමිස් පිරෙත්රුම් - Anthemis pyrethrum L.) ඕස්ට්‍රියාවේත් පෘතුගාලයේත් උතුරු අප්‍රිකාව වැනි මධ්‍යධරණී ප්‍රදේශවලත් ඉන්දියාවේත් වැවෙන අක්කරපට්ටා කොම්පොසිටෙ කුලයට අයත් පැළෑටියකි.

මේ ශාකයේ කොළ ඒකාන්තර (alternate)ය; අතිශයින් දන්තුරය (dentate). අග්‍රස්ථ ශීර්ෂකවල (heads) මල් හට ගනී. අංශු පුෂ්පිකා (ray-florets) ජායාංගී (female) ය නැතහොත් වඳය. මණ්ඩල පුෂ්පිකා (disc-flores) ද්විලිංගිකය. නිපත්‍රවලය (involucre) අර්ධගෝලාකාරය. සිනිඳු ‍ඵලය චර්මලයකි; නාරටි සහිතය. බූමණියක් (pappus) නැත. ඇතත් ඉතා කොටය.

බේත් පිණිස අක්කරපට්ටා මුල් ඉන්දියාවෙන් ලංකාවට ගෙන්වනු ලැබේ. අක්කරපට්ටා ශක්ති ජනකය. වමනකාරකය. ගුළි, කල්ක, චූර්ණ ආදිය සෑදීමට අක්කරපට්ටා ගනු ලැබේ. ශුක්‍ර මේහයට ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. ප්‍රතිශ්‍යාව, ශෝථ හා වාත රෝග ද නසයි. අක්කරපට්ටා මුල් කුඩු කොට දත් මැදීමෙන් දත් සවි වේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අක්කරපට්ටා&oldid=1707" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි