අක්ෂර

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ශිෂ්ට මනුෂ්‍ය වර්ග අතර ව්‍යවහාරවන භාෂාවන්ගේ හෝඩිවල වර්ණ, අක්ෂර හෙවත් අකුරු නමින් හැඳින්වේ. වර්ණයකින් උච්චාරණය කෙරෙන ශබ්දයට මෙන් ම එම ශබ්දය හඟවන ලකුණට හෙවත් සංකේතයට ද අක්ෂර යන්න භාවිත ‍වේ.

ක්ෂයවීමක් නැත යන අර්ථයෙන් වර්ණයන්ට අක්ෂර නම දී තිබේ. කල්ප විනාශයේ දී පවා අක්ෂර විනාශ නොවෙතැයි යනු ‍තන්ත්‍රෝක්තියි. ලෝකෝත්පත්ති සමයෙහි දී අක්ෂර ද පහළ වීය යනු ඇතැමුන්ගේ පිළිගැනීම විය. බ්‍රාහ්මී අක්ෂරවලට ඒ නාමය දීමට හේතු වූයේ ද ලෝකයේ නිර්මාණයට හේතුභූත වූ බ්‍රහ්මයා කෙරෙන් පහළ වූයේය යන විශ්වාසය නිසාය. ‍එහෙත් මනුෂ්‍යයාගේ ඉතිහාසය ගැන සිතා බලන විට ඔහුගේ ප්‍රාදුර්භාවයෙන් දීර්ඝ කාලයකට පසුව, භාෂාවන් පහළ වූ බවත් භාෂාවන් ද පහළ වී අතිදීර්ඝ කාල පරිච්ඡේදයකට පසුව අක්ෂරයන්ගේ සම්භවය ඇති වූ බවත් විද්වතුන්ගේ පිළිගැනීමයි. (හෝඩිය බ.)

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අක්ෂර&oldid=2401" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි