අකොංකගුවා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
27.jpg
(Aconcagua) දකුණු ඇන්ඩීස් කඳු වැටියෙහි පිහිටි මළ යමහල් ශිඛරයකි. උසින් අඩි 22,855ක් වූ අකොංකගුවා බටහිර අර්ධ ගෝලයේ ඉතාම උස ශිකරයයි. ආජන්ටිනාව සහ චිලී රට අතර දේශසීමාවට මඳක් නැගෙනහිරින් (ආජන්ටිනාවේ) වූ මෙහි දකුණු පැත්තෙන් රියෝ අකොංකගුවා ගඟ පටන්ගෙන, චිලි රට හරහා ගලා ගොස් ශාන්තිකර සාගරයට වැටෙයි. අකොංකගුවා ශිඛරය ආශ්‍රිත ග්ලැසියරවලින් පටන් ගන්නා තවත් කුඩා ගංගාවල ජලය පහළ නිම්න වගාකිරීම් සඳහා ප්‍රයෝජනයට ගෙන ඇත. නැගීමට දුෂ්කර ස්ථානයක්ව පැවති මෙම ශිඛරයට පළමුවෙන් ම නැංගේ 1897 දී එහි ගිය fපිට්ස්ජෙරල්ඩ් ගවේෂක කණ්ඩායමට අයත් වයින්ස් සහ සුර්බ්‍රිගන් යන දෙදෙනාය. ආජන්ටිනාවේ සිට චිලී රට දක්වා වැටී ඇති මහාද්වීපික මාර්ගය ඇන්ඩීස් කඳු වැටිය හරහා යන්නේ මීට නුදුරින් පිහිටි උස්ප්ලාතා දුර්ගය ඔස්සෙහිය.

මෙනමින් ම යුත් පළාතක් මෙම ශිඛරය සමීපයෙහි චිලී රටෙහි පිහිටියේය. එහි ප්‍රමාණය වර්ග සැතපුම් 4,000ක් පමණ වේ. ජනගහනය (1958) 1,59,353කි.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අකොංකගුවා&oldid=4090" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි