අග්නාතා (Agnatha)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

නියම හනු නොමැති කමින් මත්ස්‍යයන්ගෙන් වෙන්කොට හඳුනාගත හැකි ආදිකල්පික ජලජ පෘෂ්ඨවංශීන් (vertebrates) වර්ගයකි. ඔවුන්ගේ මොළයට වැස්මක් ද ශරීරය දරනු පිණිස පෘෂ්ඨ රජ්ජුවක් ද (notochord) තිබේ. ග්‍රසනිකාව (pharynx) අවට පරිසරය හා සම්බන්ධ කරන විවරවල කරමල් ද ඇත.

200PX

අග්නතාවන්ට සාමාන්‍යයෙන් සඟළවරල් නැත. යම් ලෙසකින් ඇතහොත් ඒවායෙහි වරල් නාරටි නොමැත්තේය. සෙෆලස්පිඩයෝ (බ.) ද ටෙරස්පිඩයෝ ද අග්නාතා වර්ගයට අයත් වඳ වූ සත්තුය. අග්නාතා වර්ගයට අයත් සත්තුන්ගෙන් අද ජීවත් වන්නේ සික්ලොස්ටොමාටා (බ.) (cyclostomata) පමණකි.

C-2.jpg

ආදි ම පෘෂ්ඨවංශීන් වන අග්නාතාවන්ගේ පාෂාණි භූතධාතු සිලුරිය සහ ඩෙවෝනීය අවධිවලට අයත් නිධිවලින් ලැබේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අග්නාතා_(Agnatha)&oldid=1960" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි