අගොස්තීනු, සාන්ත-2 (- ක්‍රි.ව.604)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

කැන්ටබරිහි ප්‍රථම අග්‍ර බිෂොප්වරයා වූ මෙතුමා මුලින් ම එංගලන්ත වාසීන් ක්‍රිස්තියානි භක්තියට හැරවීමෙහි යෙදුණු මිෂනාරිවරයාය.

කලින් රෝමයේ තාපසාරාමයක තවුස්වරයකුව සිටි මෙතුමා පළමුවන ග්රැගරි පාප්වහන්සේ විසින් එංගලන්තයේ ක්‍රිස්තියානි ධර්මය පතළ කිරීම සඳහා තෝරාගනු ලැබූ මිෂනාරිවරුන්ගේ නායකයා හැටියට පත් කරනු ලැබීය. ක්‍රි.ව.597 දී එංගලන්තයේ කෙන්ට් ප්‍රදේශයට ගොඩ බට මෙම පූජකවරු එහි ඇතල්බ'ට් රජු විසින් සමාදරයෙන් පිළිගනු ලැබූහ. සාන්ත අගොස්තීනුතුමා විසින් ඇතල්බ'ට් රජු ඇතුළු ශතසහස්‍ර සංඛ්‍යාත ජනකායක් කිතුසමය ගන්වනු ලැබූහ. ක්‍රි.ව.601 දී පාප්වහන්සේ එතුමා කැන්ටබරිහි අග්‍ර බිෂොප් හැටියට පත් කළහ.

(සංස්කරණය:1963)