අඞ්ගඡේදනය (විශසනය) – Amputation)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
C-35.jpg
මෙයින් සාමාන්‍යෙයන් අදහස් කෙරෙනුයේ බාහු කකුල් හා ඇගිලි විද්‍යානුකූල ලෙස කපා ඉවත් කිරීමයි. එහෙත් පයෝධර, ලිංගය, සහ ගර්භාෂය ඡේදනය කිරීම ද මීට ම අයත් ය. අවස්ථාවෝ වින පිරිදි මුළු අවයවය ම හෝ ඉන් කොටසක් හෝ කපා දමන්ට සිදුවිය හැකිය. ඡේදනය අවශ්‍ය වන අවස්ථා පහත දැක්වේ.

1. බරපතල තුවාල: මෙයින් අදහස් කෙරෙනුයේ කවර ප්‍රකාරයකින් හෝ සුව කළ නොහැකි යයි ඒත්තු වන පරිද්දෙන්, අවයවයක පේශි, ස්නායු, ධමනි, ඇට සන්ධි ආදිය තැලී පෙලී ඉරී යෑමෙන් සිදුවන තුවාළයි.

2. කුණුවීම: හෙවත් කෝථය (gangrene) මෙය, සංස්පර්ශය කරණකොටගෙන ඉහළට පැතිරි යන හෙයින් අංගයක කුණු වු කොටස අප්‍රමාදව ඡේදනය කළ යුතු වේ. කුණුවීම සිදුවන්නේ අංගයට ලේ සපයන ධමනි විනාශවීම හෝ සිදුරුවීම නිසාත් වායුකෝථ බැක්ටිරියා පේශියට ඇතුළුවීම නිසාත්ය. කුණුවීම් පිටතින් පෙනෙන තරමට වඩා ඉහළට අභ්‍යන්තරයෙහි පවත්නා හෙයින් කුණු වී තිබෙන අවයවය සෑහෙන තරම් ඉහළින් කපා ඉවත් කිරීම නුවණට හුරුය.

3. ආසාදනය (infection) හා පැසවීම: අසාදනයෙන් හටගන්නා උග්‍ර තත්වය අලුතෙන් සොයා ගෙන තිබෙන සංශ්ලේෂක (synthwtic) ඖෂධවලින් මර්දනය කළ හැකි හෙයින් ආසාදනය හා පැසවීම නිසා කරන්ට සිදුවන ඡේදන සෙකල අඩුය.

4. මාත්සරික අර්බුද (malignant tumours): මේවා වසාවාහිනි මාර්ගයෙන් ඉතා වේගවත් ලෙස පිතිරි යන හෙයින් අර්බුදයෙහි නාහක ස්වභාව අණ්වික්ෂයේ ආධාර යෙන් අදුනාගත් වහා ම අර්බුදයත් සමග අවයවය ඉවත් කළ යුතු වේ.

C-36.jpg

5. විරුපාංගතාව: අංගයක විරුපි භාවයෙන් අතිශය අවලක්ෂණ පෙනීමක් හෝ වැඩට බාධාවක් නම් ඒ අංග ඡේදනය කළ යුතුය.

6. වේදනාව: සහනය පිණිස ඖෂධවලින් ගුණ නොලැබ නොඉවසිය හැකි තද වේදනාවක් හෝ අංගයක ඇතිවි කලක් ම පවති නම් ඒ අංගය ඡේදනය කළ යුතුය.

අඞ්ගඡේදනය නොකොට රෝගියා බේරාගැනීම පිණිස හැකි තරම් උත්සාහ දැරීම මෙකල වෛද්‍යවරුන්ගේ සිරිත වේ. පළමුවන ලෝක මහා සංග්‍රාමයේ දී ලත් වැදගත් අත්දැකීමක් නම් ශරිරයේ අංගප්‍රත්‍යංග ඉතා තදබල පීඩනයක් ලදුවත් ඒවා නැවත පණ පිහිටුවන නෛසර්ගික ශක්තියකින් යුක්ත බව දැන ගැනීමයි. මේ නෛසර්ගික ශක්තිය රැක ගැනීමට විශේෂයෙන් ම උපකාර වුයේ සල්පා පෙනිසිලින් ආදි ඖෂ්‍ය දීම ද ලේ සහ ප්ලැස්මය ශිරා මාර්ගයෙන් ශරිරය තුළට විදිම ද වේ.

ශල්‍යකර්මය: අඞ්ගඡේදනය කිරීමට පෙර ඉතුරු කරනු ලබන අංග කොටසෙහි සවිකිරීමට සුදුසු කෘතිම අවයව පිළිබඳ සැලැස්මක් සිතෙහි ඇදගැනීම සිරිති.

කපන්ට අදහස් කරන ස්ථානය සහ අවට හම (ප්‍රදාහය සිදුකරන බැසිලස හා බැක්ටිරියා නමැති ක්ෂුද්‍ර ප්‍රාණින්ගේ මුදනු පිණිස) බු ගා සෝදා පවිත්‍ර කොට විෂබීජනාශක බෙහෙත් එහි ආලේප කළ යුතුය. අංගයේ ඉහළ කොට්ඨාසයට තිරිංග යක් යොදා ලේ ගමන නවතා සමෙන් සැහෙන දිග ඇති පියන්පත් (flaps) සාදා මාංස පේශින් වටා කපා ඉහළට ඇදෙන්ට හැර අස්ථිය කියතින් කැපිය යුතුය. ස්නායු පහළට ඇද කෙටියට කපා තිරිංගය ටිකින් ටික බුරුල් කරමින් ධමනි එකින් එක තරයේ ගැට ගසා අංගයේ ඉතිරි කොටස ශුද්ධ පවිත්‍ර කොට නවීන සංශ්ලේෂක ඖෂධ තුවාළයට ඉස සම්පියන්පතින් වසා සිරුවට මැහුම් දැමිය යුතුය.

කර්තෘ:ඒ.ඇම්. කුලතිලක

(සංස්කරණය:1963)