අඞ්ගදී

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මයිසෝරයේ කදුර් දිස්ත්‍රික්කයේ මුද්ගේර් තාල්කුහි මුද්ගේර් නගරයට සැතපුම් 7ක් පමණ දකුණෙන් පිහිටි ගමකි. හොයිසළ (බ) රජුන්ගේ මුල්භූමිය වු සොසවුර් හෙවත් සසිපුරය හෙවත් සසිකපුරය මේ ස්ථානයේ පිහිටා තුබුණු බව කියති. හොයිසළ රාජවංශයේ ආදිතමයා හා ව්‍යාඝ්‍රයකු අතර සටනක් සිදුවූයේ යයි කියනු ලබන්නේ මේ ස්ථානයේ දී ය.

වාසන්තිකා නමින් හැඳින්වෙන ජෛන අරාමය පිහිටියේ ද මෙහිය. ප්‍රසිද්ධ හින්දු කෝවිල් කිහිපයක නටබුන් ද ජරාවාස වු ජෛන ආරාම දෙකකින් ඉතිරි වි ඇති කැටයම් කිහිපයක් ද මෙහි ඇත.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අඞ්ගදී&oldid=2603" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි