අඞ්ගද 2

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

රාම රජුගේ සොහොයුරු වූ ලක්ෂ්මණ කුමාරයාගේ දෙපුතුන් අතුරෙන් එකෙකි. ලක්ෂ්මණ කුමාරයා ඔහු කාරාපථ දේශයට අධිපති කෙළේය. හෙතෙම චන්ද්‍රකේතු නමැති ස්වකීය සොහොයුරා සමඟ එහි ගොස් සේතුබන්ධන කෘෂිකර්ම, ගලපාලනාදි කටයුතු කරමින් දැහැමින් ඒ ප්‍රදේශය පරිපාලනය කෙළේය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අඞ්ගද_2&oldid=1311" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි