අඞ්ගුලිමාල චෛත්‍යය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අංගුලිමාල තෙරුන් රහත් වූ තැන සහ ආදාහන කළ තැන තුබූ චෛත්‍ය දෙකක් පාහියන් සිය ගමන් විස්තරයෙහි සඳහන් කර තිබේ. අංගුලිමාලයන් මිථ්‍යාමතය අත්හළ තැන කළ ස්තූපයක් ගැන හියුං සාං ද සඳහන් කරයි. සැවැත් නුවර පුරාවිද්‍යා කටයුතුවල යෙදුණු ජනරාල් කනිංහැම්, ආචාර්‍ය්‍ය හෝයි ආදිහු අංගුලිමාල ස්තූපය පිහිටි තැන වශයෙන් හඳුන්වන තැන් කීපයකි. පක්කකුඨටි නම් විශාල ගොඩනැගිල්ල අංගුලිමාල ස්තූපය යයි කනිංහැම් කල්පනා කළේය. ඊට මඳක් දුරින් පිහිටි නටබුන් චෛත්‍යයක් අංගුලිමාල ස්තූපය විය හැකි යැයි හෝයි මහතා අදහස් කරයි.

(සංස්කරණය:1963)