අඟහරු කාලම

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මෙය ඉන්ද්‍රගුරුළ, යමකාලය, දඬුමරණ, දඬුගැස්ම, කුජපිම්ම ආදි ගුප්ත විද්‍යා පිළිබ‍ඳව ලියැවුණු ග්‍රන්ථයන්හි ඇතුළත් අභව්‍යසාධනයකි. අඟහරු කාලම සතුරන් නැසීම සඳහා විශේෂයෙන් යොදන ලද්දකි. අඟහරු කාලමේ රූපය නියමිත පරිදි ඇඳ නැකත් හා ග්‍රහයන් පිහිටුවා දවසට පැමිණි නැකත මුදුනේ තබා සතුරාගේ නම රාහු , ශනි, කුජ, කේතු යන පාප ග්‍රහයකු සිටින තැනට යොමුකර හිං වැටෙන්ට සලස්වා ඔහුගේ නමට අයත් පක්ෂියාට හිමි ශරිරස්ථානයට එළා කීම අඟහරු කාලම නමින් හඳුන්වා තිබේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අඟහරු_කාලම&oldid=1328" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි