අඟුල් මඩුව (අඟුරු මඩුව)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ලංකාවේ දකුණු පළතේ තංගලු දිස්ත්‍රික්කයේ කිරම ඔයබඩ පිහිටි කුඩා ගමකි. මෙය ලාක්ෂා කර්මාන්තය අතින් මහත් ප්‍රසිද්ධියක් උසුලයි. පිත්තල කර්මාන්තය ද දියුණුය. ලාක්ෂා කර්මාන්තයට අවශ්‍ය අඟිල් නම් ද්‍රව්‍යය සකස් කරන අගිල් මඩු නිසා අඟුල් මඩුව වී යැයි ද පිත්තල කර්මාන්තය පිණිස ලෝහ උණු කරන අඟුරුමඩු නිසා අඟුරුමඩුව වී යැයි ද කියත්.

(සංස්කරණය:1963)