අච්චු ඊයම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මේ නමින් හැඳින්වෙනුයේ බෙහෙවින් ම අච්චු අකුරු සැදීම පිණිස භාවිත කරනු ලබන්නා වූ ද අවශ්‍යෙයන් ම ඇන්ටිමනි සහිත වූ ද ඊයම්වල මිශ්‍ර ලෝහයකි. එහි බොහෝ විට ටින් ද ඇතැම්විට තඹ ස්වල්පයක් ද තිබිමට පිළිවන.

ඇන්ටිමනි මිර්‍ශ වීම හේතු කොට පහසුවෙන් විලිනවනසුලු බව ද තද ගතියක් ද මිශ්‍ර ලෝහයෙහි ඇති වේ. එපමණක් නොව ඝන වන විට ප්‍රසාරණය විය හැකි බවක් ද ඇති වේ. මේ මිශ්‍ර ලෝහය අකුරු සැදීමේ දී ඉතා වැදගත් වනුයේ හ් හේතූන් නිසාය.

වාත්තු කිරිමේ පහසුව නිසා ප්‍රතිමා සහ විවිධ සැරසිලි භාණ්ඩ සැදීම පිණිස ද අච්චු ඊයම් භාවිත කරති. ඉපියාවන් සහිත සමහර සංගීත භාණ්ඩවල යතුරු සඳහා ද රසායනික කර්මාන්තවල දී කරාම පයිප්ප, තහඩු ආදිය තැනීම පිණිස ද ඊයම් ඇන්ටිමනි මිශ්‍ර ලෝහ භාවිත කරනු ලබන ලෝහවල සමානුපාත කිහිපයක් මෙසේ ය:-

ඊයම් ඇන්ටිමනි ටින් තඹ

ටයිප් ලෝහය 60 ....30 ... 10 .... –

එම .... 70 ..... 18 ..... 10 ..... 2

එම .... 77.5 ...... 16 ..... 6.5 ... –

ස්ටිරියොටයිප්

ලෝහය ... 85.7 ...... 14.3 - -

එම ..... 82.5 ...... 13 ..... 4.5 -

ලයිනොටයිප්

ලෝහය ... 84.5 ...... 13.5 ..... 2 ...... –

එම .... 82.5 ...... 13 ..... 5 ...... –

එම .... 85.5 ...... 11 ..... 3.5 .... –

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අච්චු_ඊයම්&oldid=2658" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි