අජ

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඉක්ෂවාකු වංශයට අයත් රඝු රජුගේ පුත්‍රයාය. රූසිරියෙන් හා තේජසින් හෙබි එකුමරු විදර්හ දේශාධිපති භෝජ රජුහුගේ බුහුනණි වූ ඉන්දුමතී කුමරියගේ ස්වයංවරයෙහි දී ඇය විසින් තම වල්ලභයා වශයෙන් තෝරාගනු ලැබීය. අයෝධ්‍යා පුරයට පැමිණි අජ කුමරු අභිෂේක කරවීමෙන් පසු රඝු රජ තපසට ගියේ ය. අජ ඉන්දුමතී දෙදෙනාගේ සභවාසයෙන් රාමරජුගේ පියාවූ දශරථ (බ.) උපන. ඉන්දුමතියගේ අකාල මරණයෙන් බලවත් ශෝකයට පත් අජ රජුගේ විලාපය කාලිදාසයන්ගේ රඝුවංශයෙහි මැනැවින් විස්තර වේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අජ&oldid=2660" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි