අජිත - 2

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

විශාලා මහනුවර වාලිකා (වාලුකා) රාමයෙහි පැවැත්වූ දෙවන ධර්ම සංගායනාවේ දී ස්ථවිර භික්ෂූන්වහන්සේලාට අසුන් පැනවීම සඳහා සම්මත කරගත් භික්ෂුවකි. සංඝයාගේ පාමොක් උදෙසන්නකුව සිටි උන්වහන්සේ එකල දස වස් ඇති භික්ෂු නමක් විය. මහාවංසයේ දෙවන ධර්මසංගායනාව ගැන සඳහන් වන පරිච්ඡේදයේ ද මේ භික්ෂුව ගැන සඳහන් වේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අජිත_-_2&oldid=1352" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි