අටපිරිස්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහපති, ශ්‍රමණ යන මනුෂ්‍යපිරිස් සතර ද, චාතුම්මහාරාජික, තාවතිංස, මාර, බ්‍රහ්ම යන දිව්‍යපිරිස් සතර ද යනුයි. ත්‍රිපිටකයෙහි මේ පිරිස් අට ගැන නිතර සඳහන් වේ. බුදුරජාණන් වහන්සේගේ චතුර්වෛශාරද්‍යඥානබලය නිසා මේ පිරිස් අටෙහි කවර පිරිසක් මැද වුව ද උන්වහන්සේට කථා සල්ලාපයේ හෝ සාකච්ඡාවෙහි අභීතව යෙදෙත හැකිබව මජ්ඣිමනිකායෙහි මහාසීහනාද සූත්‍රයෙහි සඳහන් වේ. ගැඹුරු සියුම් කරුණු ගැන සිතන බලන විමසන වැටහෙන අය හැම ම මේ පිරිස් අටෙන් එකකට ඇතුළත් වෙතැයි පිළිගන්නා ලද බව මෙයින් පෙනේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අටපිරිස්&oldid=1377" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි