අටබාගේ ඔය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ගම්පොළට දකුණින් මහවැලි ගඟට එක්වන අතුගංගාවකි. මෙය උඩ හේවාහැට කොට්ඨාසයේ පෝල්ස් පීදුරු (False Peduru) නම් කඳු වැටියෙන් පටන් ගෙන පුපුරැස්ස, දුනු කෙවුල, පන්විල තැන්න සහ අටබාගේ යන ගම් ඔස්සේ ගලාවිත් ගල්අට ඔයට එක්වී අනතුරුව මහවැලි ගඟට වැටෙයි. මෙහි දිග සැතපුම් 15ක් පමණ වේ. මහනුවර සිට නුවරඑළියට යන පාරේ සැතපුම් 16½ක් ගිය තැන අටබාගේ ඔය හමුවේ. අටබාගේ ඔය ගල්අට ඔයට එක්වන ස්ථානයට මඳක් පහළින් දකුණු ඉවුරෙන් කපා ඇති ඇළකින්, ගල්අට හා කොබ්බෑවල අතර සැතපුම් දෙකක් පමණ දික්වූ කුඹුරු යායකට ජලය සපයනු ලැබේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අටබාගේ_ඔය&oldid=2740" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි