අටමඟල - 3

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

හූනියම් කැපීම පිණිස සාදන අලංකාර මණ්ඩපයට අටමඟල යන නම යෙදේ. පැති අටක් වන සේ බැඳගන්නා බැවිනි. මණ්ඩපය සාදනු ලබන්නේ යාගස්ථානයෙහි සත් සත් වියත් පමණ චතුරස්‍රයක අළුයෙන් කළ අටමඟලක් මැදිකොටය. අඩි 8ක් පමණ උසට නඟා ලන මේ මණ්ඩපය පිහිටා සිටින්නේ අඟල් 6ක් පමණ උසට කපා ගෙන භූමියෙහි තබා ලූ කෙසෙල් කඳන් ගණනක් උඩය. මණ්ඩපයේ බිත්ති සතර ඉඳි පිලි ආදියෙන් වරිච්චි බැඳ කෙසෙල් පතුරුවලින් වසා ගොක්කමින් සරසා ගනු ලැබේ. ඉදිරිය, පිටිපස, දෙඅංශ යන සතරත බිත්තිවල හරි මැද දිගින් පුළුලින් තුන් වියත් පමණ දොරටුවක් බැගින් වේ. නානා ලියකම් මල්කම් ආදියෙන් සරසා ඇති ඉදිරිපස වූ දොරටුව දෙපස සිංහ රූප දෙකක් අලවා සතර දොරටුවෙහි දෙපස තැබූ පුන් කලස් මත පහන් දල්වනු ලැබේ. මණ්ඩපය මුදුනෙහි සේසතක් නඟාලූවාක් මෙන් බඳනා ලද වියනකි. ආතුරයා හිඳුවන්නේ මණ්ඩපය මැද කළ අටමඟල මත එළන ලද පැදුරකය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අටමඟල_-_3&oldid=2754" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි