අටවිසි බුදුවරු

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

පාලි සිංහල පොතපතෙහි සත්බුදුවරයන් ගැන ද සූවිසි බුදුවරයන් ගැන ද අටවිසි බුදුවරයන් ගැන ද නොඑක් තැන සඳහන් වේ. ගෞතම නමින් බුදුවූ බෝසතුන් නියත විවරණ ලැබූ දීපඞ්කර සර්‍වඥයන්වහන්සේ පටන් කාශ්‍යප සර්‍වඥයන්වහන්සේ තෙක් බෝසතාණන්ට සූවිසි වරෙක විවරණ දුන් සූවිසි බුදු කෙනකුන් ගැන සඳහන් වන අතර දීපඞ්කර බුදුරදුන්ට පෙරාතුව එම කප පහළ වූ බුදුවරයන් තුන්දෙනාවහන්සේ ද ගෞතම සර්‍වඥයන්වහන්සේ දැයි මෙතෙක් දෙනාවහන්සේ එකතු වූ විට, තණ්හංකර, මේධංකර, සරණංකර, දීපංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුමේධ, සුජාත, පියදස්සී, අත්ථදස්සී, ධම්මදස්සී, සිද්ධත්ථ, තිස්ස, ඵුස්ස, විපස්සී, සිඛි, වෙස්සභූ, කකුසන්ධ, කොණාගමන, කස්සප, ගෝතම යයි අටවිසි බුදුකෙනෙක් වන්නාහ. (බුදුවරු බ.)

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අටවිසි_බුදුවරු&oldid=2762" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි