අටළොස් නිකාය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

දෙවැනි ධර්මසංගායනාවෙන් පසු තුන්වැනි සංගායනාව දක්වා ගත වූ එක්සිය අටළොස් (118) වර්ෂය තුළ ථෙරවාදී භික්ෂූන් කෙරෙන් භින්නව එකිනෙකට වෙනස් වූ ලබ්ධිගත් ආචාර්‍ය්‍යවාද සතළොසෙක් (17) උපන. එනම් මහාසංඝික, ගෝකුලික, එකබ්බෝහාරික, ප්‍රඥප්තිවාදී, බාහුලික, චෛත්‍යවාදී, මහිංසාසක, වජ්ජිපුත්තක, ධර්මෝත්තරික, භද්‍රයානික, ඡන්නාගාරික, සම්මිතික, සර්වාස්තිවාදී, ධර්මගුප්තික, කාශ්‍යපීය, සංක්‍රාන්තික, සූත්‍රවාදී යන මොහුයි. මේ නිකාය සතළොස “ථෙරවාද” නම් වූ ආචාර්‍ය්‍යවංශය සමග "අටළොස් නිකාය"යි සඳහන් කරන ලද්දේ ය. මේ පිළිබඳ විස්තර විභාග "බෞද්ධනිකාය" යන ශිර්ෂය යටතෙහි දැක්වේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අටළොස්_නිකාය&oldid=2765" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි