අටොක්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

පකිස්ථානයේ වයඹ දිග කොටසෙහි පෙෂාවර් පළාතෙහි කාබුල් හා සින්ධු ගංගා එක් වන දෙමෝදර සමීපයෙහි පිහිටි නගරයකි. කයිබර් දුර්ගය (බ.) හරහා ඇප්ඝනිස්තානයෙන් පකිස්ථානයට වැටී ඇති ගමන් මාර්ගය මේ නගරය ඔස්සෙ දිවෙයි. මහා අක්බාර් රජු විසින් 1581 දී ඉදිකරවන ලද බලකොටුවක් ද මෙහි වෙයි. දෙවැනි ලෝක යුද්ධය පටන් ගැනීමට පෙර අටොක් නගරය සමීපයෙන් සොයා ගනු ලැබු ඛනිජතෙල් පකිස්ථාන ආණ්ඩුව මගින් භාරාගනු ලැබේ.

අටොක් නමින් කෝරළයක් ද පකින්ථානයෙහි වෙයි. වර්ග සැතැපුම් 4,148ක් වන මෙහි ජන ගහනය (1951) 7,23,124කි. ප්‍රධාන නගරය කැම්බල්පුර් (11,644) ය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අටොක්&oldid=2772" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි