අඩස්සිය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මලමූත්‍ර පහ නොවී හිරවී සිටීම අඩස්සිය නම් වේ. මෙහි ප්‍රභේද තුනකි. රෝගියකුගේ මලබද්ධයට මල අඩස්සිය යයි ද, මූත්‍රබද්ධයට මූත්‍ර අඩස්සිය යයි ද, දෙකේ ම බද්ධයට ජලමල අඩස්සිය යයි ද කියනු ලැබේ. අඩස්සිය බොහෝ රෝගයන්හි උපසර්ගයක් හෙවත් උපද්‍රවයක් වශයෙන් ඇති වේ. එය රෝගියාට බොහෝ දුක් දෙන එකකි. ඊට ආයුර්වේදයෙහි සහ දේශීය චිකිත්සාවෙහි ද නන්වැදෑරුම් වූ ප්‍රතිකාර සඳහන් කොට ඇත්තේය. කෂාය, ආලේප හා වස්ති කර්මය ඉන් සමහරකි. අඩස්සිය කරණකොට ගෙන ඇතැම් විට රෝගියාගේ මරණය පවා සිදුවේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අඩස්සිය&oldid=1421" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි