රාම රජතුමාගේ පුත්‍ර වූ කුශ රජුගේ හා කුමුද්වතී බිසවගේ පුත්‍රයාය. හේ කුශ රජුගේ මරණයෙන් පසු අයෝධ්‍යා පුරයෙහි රජ විය. අතිථි රජු ධර්මිෂ්ඨව රට පාලනය කෙරෙමින් අශ්වමේධ යාගය ද කළ බවත් ඔහුගේ රාජ්‍ය සමයෙහි මුළු රට උපද්‍රව රහිත වූ බවත් සඳහන් වෙයි.
(සංස්කරණය:1963)