අදෘශ්‍යකරණය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සූසැට කලාවන්ගෙන් එකකි. අන්‍යයන්ට නොපෙනී සිටීම සඳහා මන්ත්‍රෞෂධාදියෙන් කරන ක්‍රියා අදෘශ්‍යකරණ නමින් හැඳින්වේ. අන්‍යයන්ට නොපෙනී සිටීම සඳහා යොදන ලද ගන්ධාරී නම් වූ විද්‍යාවක් ගැන බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ. ජෛන ‍සාහිත්‍යයෙහි ද නයන මෝහන උපකරණාදියේ ආධාරයෙන් ඇතැමුන් නොපෙනී සිටි බැව් සඳහන් වේ. අදෘශ්‍යකරණය සඳහා යොදනු ලබන මන්ත්‍රෞෂධාදිය පිළිබඳ විස්තර ඉන්ද්‍රජාල ශාස්ත්‍රයෙහි ද මන්ත්‍රශාස්ත්‍රය පිළිබඳ පැරණි පොතපතෙහි ද දක්නට ලැබේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අදෘශ්‍යකරණය&oldid=1523" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි