අධියෝගය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ජන්ම පත්‍රයෙක චන්ද්‍රයා කෙරෙන් 6, 7,8 යන ස්ථානවල සෞම්‍ය ග්‍රහයන් යෙදීමෙන් ඇතිවන ශුභඵලදායක යෝග විශේෂයකි. සඳුගෙන් 6, 7, 8 යන ස්ථානවලට පැමිණි බුධ, ගුරු, කිවි යන තිදෙනාගෙන් මේ යෝගය යෙදේ. බුධ, ගුරු, කිවි තිදෙන එක්ව සඳු කෙරෙන් 6, 7 හෝ 8 යන රාශියක සිටීමෙන් අධියෝග තුනක් ද යථෝක්ත ග්‍රහයන් 6 සහ 7, 6 සහ 8, 7 සහ 8 යන රාශි යුගලයන්හි සිටීමෙන් යෝග තුනක් ද 6, 7, 8 යන රාශි තුනේ වෙන් වෙන්ව සිටීමෙන් එක් යෝගයක් ද වශයෙන් සැලකීමෙන් අධියෝගය සපත්විධ වේ. මින් උපන් තැනැත්තේ සතුරන් පැරදවීමෙහි සමර්ථ වූ ද සැපයෙන් හා ධනයෙන් යුක්තවූ ද රෝගයෙන් හා බියෙන් තොරවූ ද දීර්ඝායු වළඳන්නෙක් වේ යයි සඳහන් වේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අධියෝගය&oldid=1764" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි