අධෝ බින්දුව (Nadir)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
B-21.jpg
ඛගෝලයෙහි, නිරීක්ෂකයාට නොපෙනෙන පාර්ශ්වයෙහි ඔහුගේ දෙපාවලට හරි යටි පිහිටි ලක්ෂ්‍යයයි. නිරීක්ෂකයා තුළින් යන සේ සැලකෙන ලම්බකයක් එක් ප‍සෙකින් අධෝබින්දුව දක්වා ද අනික් පසින් (එනම් නිරීක්ෂකයාට පෙනෙන පාර්ශ්වයෙන්) එයට ප්‍රතිවිරුද්ධව පිහිටි ශිරෝබින්දුව දක්වා ද විහිදෙයි. ක්ෂිතිජයේ ඕනෑ ම ලක්ෂ්‍යයක් හා අධෝබින්දුව අතර දුර අංශක 90කි.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අධෝ_බින්දුව_(Nadir)&oldid=3191" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි