අන්ටිගොනොන්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
H-9.jpg
(Antigonon Endl.). පොලිගොනාසේ කුලයට අයත් මේ ශාක ගණයට මල්වතුවල වවනු ලබන ලක්ෂණ ශක්මත් වැල් අඩංගු වේ. මේ වැල්, ඉහළ නගින්නේ පහුරුවල (tendrils) උපකාරයෙනි. අන්ටිගොනොන් ලෙප්ටොපුස් මල්වතුවල බහුල ලෙස වවනු ලැබේ. මේ ශාකයේ කොළ අගල් 1 සිට 3 දක්වා දිගය. පාත තිබෙන කොළ වඩා ලොකු ය. කොළවල අක්ෂයන්හි සෑදෙන ඒකාක්ෂවල (recemes) ළා රතු මල් බෙහෙවින් හටගනී. නොහැළෙන පරිපුෂ්පයෙන් වැසී තිබෙන ඵලය චර්මලයක් ය. (achene) ඵලයේ අග කෝණාකාරය.

කැලිෆෝර්නියාවේ සහ එක්සත් ජනපදයේ දකුණු ප්‍රදේශයෙහි අන්ටිගොනොන් විශේෂ බහුල ලෙස වැවේ. නිවර්තන ප්‍රදේශයන්හි මේවා නම් කීපයකින් හැදින්වේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අන්ටිගොනොන්&oldid=3288" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි