අන්තදෝෂ

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

දිවා, රාත්‍රි, නැකත්, තිථි ආදියේ අවසාන භාගයෙහි ඇතිවන අනිෂ්ටඵලදායක කාලවිශේෂයකට ජ්‍යෝතිෂ්ශාස්ත්‍රයෙහි මේ නම ව්‍යවහාර කරනු ලැබේ. දහවල අන්තයෙහි ඝටිකා තුනක් ද රාත්‍රි අන්තයෙහි ඝටිකා තුනක් ද නැකත් අන්තයෙහි ඝටිකා දෙකක් ද තිථි අන්තයෙහි ඝටිකා තුනක් ද මාසාන්තයෙහි තෙදිනක් ද සූර්‍ය්‍යචන්ද්‍ර ග්‍රහණයන්හි දී දින සතක් ද වර්ෂාන්තයෙහි පක්ෂයක් නොහොත් පසළොස් දිනක් ද අයනාත්තයෙහි සත්දිනක් ද අන්තදෝෂ සහිත වේ. මේ කාලයන්හි ශුභ වැඩ ආරම්භ කළහොත් විනාශයට පත්වන බවත් වර්ෂාන්තයෙහි බොහෝ රෝග ද මාසාන්තයෙහි ආයුෂහානිය ද තිථි අන්තයෙහි ධනහානි ද නක්ෂත්‍රාන්තයෙහි ප්‍රාණ විනාශය ද වන බවත් දැක්වේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අන්තදෝෂ&oldid=1911" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි