අන්තර්ගෝලය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Barysphere). පෘථිවියෙහි ඝනත්වයෙන් ඉතා ම වැඩි වූ අභ්‍යන්තර කොටහයි. එය, මතුපිටින් ඇති ශිලාගෝලය නම් පාෂාණමය කබොල්ලෙන් ද එහි මතුපිට විශාල පෙදෙසක් වසා ඇති සාගර, විල් ආදි ජලස්කන්ධයෙන් සෑදුණු ජලගෝලයෙන් ද ආවරණ ව පවතී. මුළු පෘථිවි ගෝලයෙන් 77.5% පමණ අන්තර්ගෝලය සඳහා වෙන් වේ.

අන්තර්ගෝලය පිළිබඳව කරනලද නොයෙක් පරීක්ෂණවලින් එහි භෞතික ලක්ෂණ ගැන බොහෝ කරුණු දැනට හෙළි වී තිබේ. පෘථිවියෙහි සාමාන්‍ය ඝනත්වය 5.5ක් සහ පෘථිවි පෘෂ්ඨයෙහි ඝනත්වය 2.5ක් වුව ද අන්තර්ගෝලයේ ඝනත්වය 7.0කි. එය ලෝහ සහ ලෝහමය ද්‍රව්‍යවලින් සෑදී ඇති බව භූචුම්බක පරීක්ෂණ අනුසාරයෙන් කර තිබෙන තීරණයකි. බාන්ට් විද්‍යාඥයාගේ මතය (1924) අනුව, අන්තර්ගෝලයෙන් 90%ක් යකඩවලින් ද 7%ක් නිකල්, කෝබෝල්ට් හා තඹ යන ලෝහවලින් ද ඉතිරි කොටස සිලිකේට්වලින් ද යුත් විලීන මිශ්‍රණයකින් සෑදී තිබේ. (භූමිකම්පා ; පෘථිවිය ; භූවිද්‍යාව බ.)

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අන්තර්ගෝලය&oldid=1921" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි