අන්‍යස්ථානිකභාවය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(alibi). අපරාධ නඩු විභාගයක දී පැමිණිල්ලෙන් ඉදිරිපත් කෙරෙන ‍චෝදනාවෙන් කියැවෙන අපරාධය සිදු වූ වේලාවේ එම ස්ථානයේ තමා නොසිටි බව සහ තමා සිටියේ අන්‍ය සථානයක බව චූදිතයා විසින් නිදහස පිණිස සාක්ෂි එළවා කියා සිටීම අන්‍යස්ථානිකභාවය නමින් නීතියෙහි හැ ඳින්වේ. චූදිතයාගේ අන්‍ය ස්ථානිකභාවය ඔප්පු වුවහොත් පැමිණිල්ලෙන් ඉදිරිපත් කරන ලද අපරාධ චෝදනාවෙන් චූදිතයා උදාවිය විසින් නිදහස් කරනු ලැබේ. අන්‍යස්ථානිකභාවය ඔප්පු කිරීම චූදිතයාගේ නිර්දෝෂභාවය දැක්වීමට ඇති හොඳම ක්‍රමයයි.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අන්‍යස්ථානිකභාවය&oldid=1992" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි