අපජය මුහූර්ත

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

දිවාරාත්‍රී දෙක්හි උදාවන අනිෂ්ට ඵලදායක මුහූර්ත විශේෂයකි. ඉරුදින 1-3-7-8. ද, සඳුදින 2-3-6 ද, කුජදින 2-3-4-6 ද, බුධ දින 1-5ද, ගුරු දින 2-3-5-6 ද, කිවි දින 1 – 2 – 4 – 6 ද, ශනි දින 1-3-4 යන යාමාර්ධයෝ දිවා කාලයට අයත් අපජය මුහූර්තයෝ වෙත්. ඉරු දින 3-4-5-7-8 ද, සඳු දින 1-3-5-7 ද, කුජ දින 1-2-3-5-8 ද, බුධ දින 1-3-4-5-8 ද, ගුරු දින 2-3-8 ද, කිවි දින 3-8 ද, ශනි දින 1-2-5-6 ද යන යමාර්ධයෝ නිශාකාලයට අයත් අපජය මුහූර්තයෝ වෙති. යාමාර්ධයක ප්‍රමාණය ඝටිකා 3 ¾ ක් හෙවත් ඔර්ලෝසු පැය එකහමාරකි. (අතිශය මුහූර්ථ බ.)

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අපජය_මුහූර්ත&oldid=2002" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි