අපෘෂ්ඨවංශීහු

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
C-26-1.jpg
(ඉන්වෙර්ටෙබ්‍රාටා Inverebrata). ශරීරයෙහි කසේරුව (කොඳු ඇට පේළිය) නැති සියලු ම සත්තු සත්වවිද්‍යාවෙහි දී අපෘෂ්ඨ වංශීන් යටතෙහි වර්ග කරනු ලැබෙත්. කොඳු ඇට පේළියක් තිබෙන සත්තු පෘෂ්ඨවංශීහු (බ.) නම් වෙත්. මේ බෙදීම හුදෙක් පහසුව පිණිස ඇති කර ගන්නා ලද්දක් මිස ස්වභාවික එකක් නොවේ.

නියම කොඳු ඇට පේළියක් නැති නමුත් ප්‍රාග්රජ්ජුකයන් (ප්‍රාග්රජ්ජුකයෝ (බ.)) (Protochorates) පෘෂ්ඨ වංශිකයන්ට බොහෝ සම්බන්ධකම් පෙන්වන හෙයින් ඒ දෙකොටස ම සරජ්ජුකයෝ (බ.) (Chordates) යන නාමයෙන් හඳුන්වති. සරජ්ජුකයන් හැර සෙසු සත්තු අපෘෂ්ඨවංශීහු වෙති. අපෘෂ්ඨවංශීන් යටතෙහි සත්ව වංශ රැසක් වෙයි. එහෙත් ඒවායේ අන්‍යෝන්‍ය සම්බන්ධකම් පැහැදිලි නැත. කොඳු ඇට පේළිය නැතිකමින් පමණක් නොව, මධ්‍යම ස්නායු පද්ධතියක් ඇතහොත් එය බොහෝ විට ඝන, උදරීය එකක් මිස කුහරයක් සහිත පෘෂ්ඨීය නාලයක් නොවීම නිසා ද, එසේ ම කිසි විටෙකත් ග්‍රසනිකා කරමල් විවර නොමැතිකම නිසා ද අපෘෂ්ඨවංශීන් හඳුනාගත හැකිය. (සත්ව වර්ගීකරණය බ.)

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අපෘෂ්ඨවංශීහු&oldid=3404" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි