අබයිඩොස් -1

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සුළු ආසියාවේ තුර්කියට අයත් මයිසියාවෙහි හෙලස්පොන්ට් (බ.) අසල පිහිටා තුබූ පැරණි නගරයකි. කලින් ත්රේසියන් නගරයක් වූ මෙහි පසු කලෙක දී මයිලේසියන්වරුන් ජනපදයක් පිහිටුවා ගත් බව සිතිය හැකිය. ක්‍රි.පූ.480 දී පමණ ග්‍රීසිය ආක්‍රමණය කළ පර්සියානු අධිරාජ සර්ක්සීස් (ක්‍රි.පූ.519-465) පාරුපාලමක ආධාරයෙන් මේ ස්ථානයේ දී හෙලස්පොන්ට් සමුද්‍රසන්ධිය තරණය කළ බව කියති. මහාඇලෙක්සැන්ඩර් රජු ආසියාව ආක්‍රමණය කිරීම සඳහා ක්‍රි.පූ.334 දී පමණ පිටත්වූ අවස්ථාවේ දී ඔහුගේ තරණය කොට මුලින් ම පැමිණියේ ද අබයිඩොස් නගරයටය. ක්‍රි.පූ.200 දී පමණ මැසිඩෝනියාවේ පස්වන පිලිප් රජු මේ නගරය ආක්‍රමණය කළ අවස්ථාවේ දී එම නගරවාසීන් ඊට විරුද්ධව වීරෝදාර ලෙස සටන් කිරීම කරණකොටගෙන ද අබයිඩොස් නගරය කීර්තියක් උසුලයි. බයිසන්ටයින් අධිරාජ්‍යයේ අවසානය දක්වා ම මේ නගරය හෙලස්පොන්ට්හි රේන්දපොළක් වශයෙන් පැවතිණි.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අබයිඩොස්_-1&oldid=2050" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි