අබුල් ෆිදා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1273-1331) ඉතිහාසඥයකු සහ භූගෝල ශාස්ත්‍රඥයකු වූ අරාබි කුමාරයෙකි. සිය පියා මොංගල්වරුන්ගේ පහරින් බේරී දමස්කස්හි විසූ අවදියේ දී උපන් මෙතෙමේ පසුව සිදු වූ කුරුස යුද්ධවලට හා බලකොටු වටලීම්වලට ද සහභාගී වූයේය. අල්-මාලික් අල්-නාසීර් සුල්තාන්වරයා යටතේ කලක් සේවය කළ අබුල් ෆිදා 1310 දී හාමා ප්‍රදේශයේ ආණ්ඩුකාරයා විය. 1312 දී අල්-මාලික් අල්-සාලීහා යන ගෞරව නාමයෙන් සම්මාන ලැබූ හෙතෙමේ 1320 දී සුල්තාන් පදවියට පත් විය.

පසු කාලයෙහි සාහිත්‍ය සේවයෙහි නිරත වූ අබුල් ෆිදා "තක්වීම් අල්-බුල්දාන්" නමැති භුගෝල ශාස්ත්‍ර පොතක් (1321) ද, "මුඛ්තසර් තරීච් අල්-බෂර්" නමැති ඉතිහාස ග්‍රන්ථයක් ද සම්පාදනය කළේය. ක්‍රි.ව.1331 දී ඔහුගේ මරණය සිදු විය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අබුල්_ෆිදා&oldid=2072" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි