අභයදේවසූරි

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ප්‍රසිද්ධ ජෛනචාර්යවරයෙකි. හේ ග්‍රන්ථ කර්තෘවරයෙක් ද ටීකාකාරයෙක් ද විය. අභයදේවසූරි උපන්නේ ධාරා නගරයේය. ඔහුගේ පියා මහීධර (ප්‍රේමදේව) ය. මව ධන දේවිය. වික්‍රම සංවත්සර 1072 (ක්‍රි.ව.1015) දී පමණ ඔහුගේ උප්පත්තිය වූ බව ඇතැම් ග්‍රන්ථවල දැක්වේ. ජෛන ධර්මයෙහි ඒකාදශාංගයන්ගෙන් අංග නවයකටම ටීකා ලියන ලද්දේ ඔහු විසිනි. වික්‍රම සංවත්සර 1135 (ක්‍රි.ව.1078) දී කපද්චාන්ජ්හි දී අභයදේව සූරීහු ජන්මාන්තරගත වූහ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අභයදේවසූරි&oldid=2114" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි