අභ්‍යුහනය, ගණිත

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Mathemattical Induction) ගණිතයෙහි අභ්‍යුනය භාවිත කරනු ලබන්නේ n නම් පූර්ණ ධන සංඛ්‍යාව හා සම්බන්ධ ප්‍රතිඵල, සූත්‍ර, ප්‍රමේය, නියම යනාදිය ඔප්පු කිරීම සඳහාය. Nහි යම් අගයක් ගෙන ඒ අගය යෙදුණ විට යම් ප්‍රතිඵලයක් සත්‍ය දැයි නිශ්චය කොට, nහි නියමිත අගයකට ඒ ඵලය සත්‍ය නම් ඊළඟ අගයටත් එය සත්‍ය විය යුතු බැව් පෙන්වීම මෙහි ක්‍රමය වේ. 1+2+3 +½n (n + 1) යන්න n හි සියලුම පූර්ණ ධන අගය සඳහා සත්‍ය බව ඔප්පු කළ යුතු යැයි සිතන්න. n =ඉ 1 නම් මේ ඵලය 1 = ½ p (1 + 2+ 3....+p = ½ p (p+1) වේ. දෙපැත්තට ම p+1 එකතු කරන්න. එවිට 1+2+3+….+p+(p+) = ½ p (p+1) + p+1 = ½ (p+1) (p+2) . ඒ නිසා මේ ඵලය n=2 වූ විට ද සත්‍ය වේ; ඒ නිසා n=3 වූ විට ද සත්‍ය වේ. මේ ආදි වශයෙන් එය nහි හැම අගයක් සඳහා ම සත්‍ය වේ.

කර්තෘ:ඇස්.නඩරාසර්

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අභ්‍යුහනය,_ගණිත&oldid=2162" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි