අභිසර්පණය
(Nutation) වනාහි සූර්යයාත් චන්දයාත් විසින් පෘථිවිය කෙරෙහි මෙහෙයවනු ලබන ව්‍යාවර්තයේ (torque) විචලන නිසා විෂුවවල පූර්වායන (precession) චලිතයේ ඇති වන අක්‍රමිකතායි. සූර්යයාත් චන්ද්‍රයාත් මෙහෙයවන ගුරුත්වා කර්ෂණ බලය නිසා පෘථිවියේ භ්‍රමණ අක්ෂය කක්ෂ තලය හා අනුබද්ධව අවකාශයෙහි කේතුවක් අඳින කලක් මෙන් හැසිරෙන අතර, භ්‍රමණය වන ධ්‍රැව ද අවකාශයේ වෘත්ත අඳින්නාක් මෙන් වෙයි. එසේ වුව ද, සූර්යයා චන්ද්‍රයා ය පෘථිවියය යන වස්තු තුන අවකාශයේ පිහිටා ඇති ක්‍රමය නිරන්තරයෙන් වෙනස් වන හෙයින්, ඒ ගුරුත්වාකර්ෂණ බලයන්හි විශාලත්වය නිරන්තරයෙන් වෙනස් වෙයි. චන්ද්‍රයාගේ කක්ෂතලය නිරන්තරයෙන් ම වෙනස් වන නිසා ඛගෝල ධ්‍රැවය (Celestial pole) අභිලම්බයෙන් ඈත් මෑත් වෙමින් භ්‍රමණය වෙයි. මේ ඈත් මෑත් වීම අභිසර්පණය යනුවෙන් හැඳින්වේ. විශාලතම අභිසර්ණය 9.22˝පමණ වේ. එය අවුරුදු 19කට මඳක් අඩු කාල පරිච්ඡේදයකට වරක් බැගින් සිදු වෙයි. මෙසේ වරින් වර ආවර්ත වශයෙන් සිදු වීම බොහෝ අභිසර්පණවල ලක්ෂණයකි.
(සංස්කරණය:1963)