අමාරසය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සාලිඇලේ මණිරතන හිමියන් විසින් විරචිත පද්‍ය පන්සැත්තෑවකින් යුත් කුඩා රචනයකි. මධුර වූ වෘත්තයන්ගෙන් බැදුණු මේ කාව්‍යය පද්‍ය රසිකයන්ගේ ආස්වාදයට හේතු වේ නුයි අමාරස" නම් විය. මෙය රචනා කරනු ලැබූයේ 1974 දී ය. ත්‍රිනේත්‍රපණ්ඩිත වීරපණ්ඩු නම් පඬි රජකුගේ චරිතය මෙහි කථාශරීරයයි.

බරණැස කාලිංග නම් සිටුවරයෙක් විය. හෙතෙම ලෝභීය. කිසිවකුට කිසිවක් නොදෙන සුලුය. ඒ බව දුටු සක්දෙවිඳු ඔහුගේ සිත දානයට නමාලීය. කලිඟුසිටු තෙමේ දන් දී ඒ පින්කමින් පඬිරට සූර්‍ය්‍යවංශයෙහි ඉපිද රාජ්‍යයට ද පැමිණයේය. සක්දෙව්රජ විශ්වකර්මයා එවා ඔහුට ප්‍රාසාදයක් කරවා දින. සිවුරඟ සෙනඟින් හා මහත් යශසින් යුත් වීරපණ්ඩු රජ සුරඟනන් බඳු වරඟනන් විසින් පිරිවරන ලද්දේ එක් දිනක් ප්‍රාසාදයෙහි කවුළුයෙන් නුවර සිටි බලා "මම් කෙසේ නම් සක්දෙවිඳුට අඩු වෙම් ද? මාගේ සැපත ඔහුගේ සැපතට කවර පරිද්දෙන් අඩු වේ ද"යි පවිටු අදහසක් ඉපදවිය. මේ සිතුවිල්ල පඬිරජුගේ විනාශයට හේතු වී හඟවන මණිරතන හිමියෝ පූර්‍වො‍්පකාරීන් නිසරු කොට සිතීම මිනිසාගේ වනසට හේතු වේ යැයි මේ කාව්‍යයෙන් උපදෙස් දුන්හ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අමාරසය&oldid=2189" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි