අමිතෝදන

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සීහහනු රජුගේ සහ භද්දකච්චානා දේවියගේ පුත්‍රයකු වූ මෙතෙම ශුද්ධෝදන රජුගේ සොහොයුරෙකි. මහනාම ශාක්‍යරජුගේ සහ අනුරුද්ධ තෙරණුවන්ගේ පියා වූ හෙතෙම බුදුරජුන්ගේ අග්‍රෝපස්ථායක ආනන්ද හිමියන් ගේ පියා යයි ද කිසි තැනෙක සඳහන් වෙයි. අවදානකල්පලතාපල්ලව ආදී බෞද්ධ සංස්කෘත ග්‍රන්ථයන්හි මොහු හැඳින්වෙනුයේ අමෘතොදන යන නමිනි. එමෙන් ම මෙතෙම දේවදත්ත කුමරුගේ පියා යයි ද එහි දක්නට ලැබේ. මොහුට ශාක්‍යපණ්ඩු යයි තවත් පුත්‍රයකු වූ බවත් සඳහන් වන්නේ ය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අමිතෝදන&oldid=2194" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි