අමිරාන්ට් දූපත්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මැඩගස්කර් දිවයිනට හැ.450ක් පමණ ඊශාන දිගින් පිහිටි ඉන්දියන් සාගර පත්ලෙහි ගොඩ ගැසී ගිය ජිර්ණාවශේෂ වස්තූන්ගෙන් සෑදුණු කොදිව් සමුහයෙකි. කොදිව් 27කින් යුත් මෙහි ප්‍රමාණය ව.සැ.32කි. වස්කෝ ද ගාමා විසින් සොයා ගනු ලැබූ (1502) මේ දූපත් සමූහයට අද්මිරාල්ගේ දූපත් යන නම ද ව්‍යවහාර වේ. කැස්බෑවුන් ඇල්ලීම මෙහි වැදගත් කර්මාන්තයකි. ප්‍රධාන වශයෙන් අමු පොල් සහ කොප්පරා පිටරට යවනු ලැබේ. මේ දූපත් මහා බ්‍රිතාන්‍ය සතු සේෂෙල් නම් යටත් විජිතය මගින් පාලනය වේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අමිරාන්ට්_දූපත්&oldid=2195" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි