අමීර් හසන්
සිංහල විශ්වකෝෂය වෙතින්
(?- 1327) ඉන්දියාවේ විසූ සුප්‍රසිද්ධ පර්සියානු කිවියෙකි. මෝගල් යුගයට පෙර පටන් පර්සියානු භාෂාව ඉන්දියාවේ ද සාහිත්‍යික භාෂාවක් හැටියට පැවැත්තේය. ඉන්දියාවේ විසූ පර්සියානු සාහිත්‍යකරුවන් අතර ඛිල්ජි රජවාසල විසූ අමීර් හසන්ට හිමිවනුයේ අමීර් ඛුස්රූට (බ.) පමණක් දෙවැනි තැනකි.
(සංස්කරණය:1963)