අමූර්-1

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

නැගෙනහිර සයිබිරියාවේ (අසියාවේ) ප්‍රධාන ගඟකි. බටහිර යබලනෝයි කඳුවැටියෙන් පටන් ගන්නා ෂිල්කා ගඟ සහ බිංගාන් කඳු වැටියෙන් පටන් ගන්නා ආගූන් ගඟත් එහි මුල් අතු ගංගාය. ෂිල්කා ආගූන් දෙමෝදර පටන් අමූර් මෝය දක්වා ගඟේ දිග සැතපුම් 1.800 කි. ෂිල්කා ගඟත් සමඟ ගත් කල සම්පූර්ණ දිග සැතපුම් 2,900 පමණ වේ. අන්තිම සැතපුම් 500 දී අමූර් ගඟ සාමාන්‍යයෙන් සැතැපුමක් පමණ පළලය. මොයෙහි පළල සැතැපුම් 10කි. සේයා, බූරෙයා, කූර්, ගිරින්, අම්ගූන්, සුංගාරි සහ උසුරි යන අතු සහිත මුළු අමූර් ගංගාධාරය වර්ග සැතපුම් 7,75,000ක් පමණ විශාලය. හුලන් නොර් විලේ සිට තබරොච්ක්ස් නගරය දක්වා සයිබිරියා - මැංචුරියා දේශසීමාව අමූර් ගඟ ඔස්සේ වැටී ඇත. මේ අනුව ලෝකයේ ඉතා ම දිග දේශසීමාවක්ව පවතින ගංඟාව ද මෙය වෙයි. ෂිල්කා නගරයේ සිට කබරොච්ස්ක් නගරය දක්වා නැගෙනහිර දෙසට ද, එයින් පසු කංකා විල දක්වා ගිනිනොක දෙසට ද වැටී ඇති මහා සයිබිරියානු දුම්රිය මාර්ග කොටස අමූර් නිම්නය ඔස්සේ දිවෙයි. ගඟින් එතර වීමට කබරෙැව්ස්කිහි ඉදිකොට ඇති දුම්රිය පාලම අඩි 7,038 ක් දිගය. නැගෙනහිර සයිබිරියාවේ සිට ගලාවුත් ශාන්තිකර සාගරයට වැටෙන එක ම විශාල ගංගාව හෙයින්, මෙය ගමනාගමනයට මහෝපකාරී විය යුතුවුව ද ශීත සෘතුවේ දී ගඟේ දිය මිදෙන නිසාත්, ගංමෝය ලෝකයේ ප්‍රසිද්ධ නැව් මාර්ගවලින් ඈත්ව පිහිටා ඇති නිසාත් මේතාක් ජලමාර්ගයක් වශයෙන් වැඩි දියුණුවක් ලබා නැත. එහෙත් දිය නොමිදෙන ග්‍රීෂ්ම කාලයේ දී (අප්‍රියෙල්- නොවැම්බර්) සාමාන්‍යයෙන් විශාල යාත්‍රා කබරොච්කද් නගරය දක්වා ද, කුඩා යාත්‍රා ෂිල්කා ආගූන් දෙමොදර දක්වා සැතැප්ම 2,000 ක් පමණ ද ගමන් කරයි. අමූර් නිම්නය දැව කර්මාන්තය දියුණු පෙදෙසකි. නිකොලයෙව්ස්ක්හි පිහිටි කම්හල් වෙත විශාල දැව තොග මේ ගඟ දිගේ පාකර යවනු ලැබේ. බ්ලාගෝචෙෂ්චෙන්ස්ක්, කාබරොච්ස්ක් සහ කොම්සොමොලස්ක් යන මේවා නිම්නයේ වෙනත් ප්‍රධාන නගරයි. මේ අතුරින් කබරොච්ස්ක් දියුණු ගංතොටකි.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අමූර්-1&oldid=2216" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි