අමෘතාදි ඝටිකා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

දිනපතා දිවා රාත්‍රි දෙකේ උදාවන ශුභාශුභ කාල පංචකයක් මෙනමින් හැඳින්වේ. අමෘතය, ලෝහපාදය, ශූන්‍යය, දණ්ඩකය හා විලම්බය යනු මේවාට ව්‍යවහාර නම්ය. වීජවාපන, ගමන් යාත්‍රා, විවාහ, යුද්ධාරම්භ කොළ මැඩවීම් ආදියට ශූභ වූ අමෘත ඝටිකාවේ ප්‍රමාණය ඝටිකා දෙකකි. අමෘත ඝටිකාවට කී සියලු ක්‍රියාවලට ශූභ යයි දැක්වෙන ලෝහපාදය ඝටිකා දෙකහමාරකට සීමාවේ. සියලු ක්‍රියාවන්හි අනිෂ්ට ඵලදායක ශූන්‍යයේ ප්‍රමාණය ඝටිකාවකි. ඝටිකා සතරකින් යුත් දණ්ඩකය නිදන් කරන දේට හා බන්ධන කර තබන දේට ශූභයි. ඝටිකා අටකට සීමා වූ විලම්බය ශූන්‍යය මෙන් අශූභඵලදායක කාලයකි. ජන්මඵල මල්වරඵල ආදියෙහි ශූභාශූභ දැනගැනීම හා මුහුර්ත යොදා ගැනීම සඳහා ද මේවා ප්‍රයෝජනවත්ය. මෙම ඝටිකා යෙදෙන අයුරු ශිවාලිඛිතයෙහි සඳහන් වේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අමෘතාදි_ඝටිකා&oldid=2222" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි